නාට්‍ය, සංගීතය, චිත්‍ර, කැටයම්, ගෘහ නිර්මාණ ආදී කුමන කලාවක් වුව ද එය යම් දුරකට රටක සංස්කෘතිය, දේශීයත්වය, අපේකම පෙන්නුම් කරයි. රටක අනන්‍යතාවය පෙන්නුම් කරයි. අතීත මිනිසා තම දුක, කණගාටුව, වෙහෙස, මහන්සිය බෙදා ගත්තේ ජන සංගීතය මඟිනි. ජන සංගීතයට හා ජන කවියට ප්‍රධාන තැනක් හිමි වෙයි. එදා ජන සංගීතය අර්ථ දැක්වූයේ “ගැමියන්ගේ ජීවිතයේ කැඩපත” ලෙසයි. මෙරටට උචිත වූ ජන සංගීතයකින් ලංකාව පොහොසත්ය. එය අපේ උරුමයකි. බොහෝ විට එයට නිශ්චිත නිර්මාණ කරුවන් නොමැති විය.
කළු කපුටා සුදු වන තුරු
මෝල් පිල්ල ලියලන තුරු
ඉඟුරු ඇස්ස පැලවෙන තුරු
එකසිය විස්සට දෙසිය විස්සක් ආයු බෝ වේවා
මෙය සෙත් ශාන්ති කවියකි. ඉතාමත් අර්ථවත් ය. එය එදා සමාජයේ මිනිසුන් අනෙකාට සෙත් පැතූ අයුරුය. කවි හා ජන ජීවිතය අතර ඇත්තේ ඉතාමත් සමීප සම්බන්ධතාවයකි. එදා සමාජය තුල විවිධ වූ රැකියාවන් මත ගොඩ නැගී තිබුණි. මෙවැනි කවි වර්තමානයේ ද දැක ගත හැකිය. අලුත් අවුරුදු උදාවත් සමඟ කරනු ලබන විවිධ රූපවාහිනී වැඩසටහන් වලදී මෙම සෙට් සෙත් ශාන්ති කවි ගායනා කරයි. නමුත් එදා මෙම කවි කට වචනයට ප්‍රමුඛ විය. අෂ්ඨක, පිරිත්, ස්තෝත්‍ර, වන්නම්, සිලෝ, අස්න, අඬබෙර, රබන් පද, බැති ගී ආදියෙන් මෙරට සිංහල ජන සංගීතය පොහොසත් ය.
දිරන තුරු වහල පොල් අත්ත නොබඳිති
ඉරෙන තුරු රෙද්ද තවකෙක් නොම ගනිති
කෙරෙන තුරු යමක් එහි තරම නොදනිති
මැරෙන තුරු ඉගෙන ගන්න දේ තිබෙති
කෙසේ වෙතත් එදා පොහොසත් වූ ජන සංගීතය අද වන විට අභාවයට යමින් ඇත. බොහොමයක් ලිඛිත මූලාශ්‍ර වලට සීමා වී ඇත. ජන සංගීතය අවියක් බඳුය. සියල්ලන්ටම සිදුකළ නොහැකිය. දේශීයත්වය ආරක්ෂා වන්නේ මෙම සම්පත් ආරක්ෂා වුවහොත් පමණි. කෙසේ වෙතත් වර්තමාන සංගීතය තුළ විවිධ නිර්මාණ සඳහා ජන සංගීතය භාවිතා කර ඇත. උදාහරණ ලෙස,
- “දොයි දොයිය බබා” ගීතයේ තනුව වික්ටර් රත්නායක මහතාගේ “ආදරයේ උල්පත වූ අම්මා” ගීතයට යොදා ගෙන ඇත.
- “තෙදිනි විරාජ රුවිනි විරාජ” ගීතයට කතරගම දේව කන්නලව්, සැහැලි, ප්‍රහස්ත ගීත වල තනු හේතු වී ඇත.
- අමිත් ලියනගේ මහතාගේ “ගිගුරුම් නගනා අහසේ සක්මන් කරනා” ගීතය ලෝවැඩ සඟරාවේ කවි වල තනු ආශ්‍රයෙන් නිර්මාණය වී ඇත. පින් මඳ පුතුන් දහසක් සැදුවත් නිසරු.
- සුනිල් ආරියරත්න මහතාගේ “ලෙන්චිනා මගෙ මගෙ නංගියේ” ගීතයට පාදක වී ඇත්තේ කෝලම් නාට්‍ය ගීත වේ. එසේ ම පහත රට බෙර වාදනය ද ඇතුළත් වේ.
- centrigate සංගීත කණ්ඩායමේ “රෑ අහසේ තරු ගානට” ( තන තම්දෙන තාන තනා ) ගීතයට තනුව වී ඇත්තේ ප්‍රසිද්ධ සිද්ධ දෙවොල් දෙවියන්ගේ කවියකි. “සිද්ධ තෙද බෙල මෙලොව පවතින”.
මෙම ගීත සඳහා මූලික වී ඇත්තේ අපේ ජන සංගීතය යි. ඒ තුළ අපේ කම ගැබ් වී ඇත. ලෝකයේ කුමන ස්ථානයකින් වුවද මේ ජන සංගීතය වෙන්කර හඳුනාගත හැකි ය. එසේම එදා මෙන්ම අදත් නිර්මාණය වන ජන සංගීතය උපයෝගී කරගත් නිර්මාණ තුළින් සමාජයේ මෙන්ම මිනිසුන් අතරද පවතින දුරස්ථ බව අවම කර සම්බන්ධතා ශක්තිමත් කිරීමට හේතු වනු ඇත.
භාග්‍යා බණ්ඩාර.