/
/
title icon ONLINE | පත්තරේ
ONLINE | පත්තරේ
Editor
1 year ago
Share:
ONLINE | පත්තරේ

දිවයින(2023/01/05)

නාමයෝජනා පත්‍ර භාර ගැනීම අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලදී එම දින වලදී සිදු කෙරේ.

දේශීය විදේශීය ගිහි පැවිදි පිරිස් රවටමින් කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ සේපාල අමරසිංහ නැමැත්තෙකු හදුනා ගෙන තිබෙන බව දිවයින පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කෙරේ.

ලෝක වෙළදපොළේ බොරතෙල් මිල පහත වැටී තිබෙන අවස්ථාවකත් ලංකාවේ ඉන්ධන මිලේ වැඩිවීමක් සිදු වේ.

ඓතිහාසික කැලණි රජමහා විහාරයේ දුරුතු මහ පෙරහැර අද රාත්‍රි 8.30 ට වීථි සංචාරය කෙරේ.

ඩීසල් මිල අඩු වීම සමග අධිවේගී මාර්ගයේ බස් ගාස්තු වල අඩු වීමක් සිදු වේ. සාමන්‍ය බස් ගාස්තු සම්බන්ධයෙන් තවම තීරණක් නොමැති බව අකිත පෙරේරා වාර්තා කරයි.

මව්බිම(2023/01/05)

පළාත් පාලන මැතිවරණය ආසන්නයෙහි මැතිවරණ කොමිසම තුළ භෙදීමක් ?

ව්‍යාජ දළදා මාලිගාවක ජාවාරමක් මවා පාන බවට මහනායක හිමිවරුන් සහ දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයාගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමු කරයි.

පළාත් පාලන මැතිවරණයේ කිසිදු කටයුත්තකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයට නිල වශයෙන් දැනුම් දී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් 2024 න් පසුව නියමිත පරිදි මැතිවරණ පවත්වනු ඇති බව ලක් වනිතා පෙරමුණේ සභාපතිනී පවසයි.

මව්බිම අමිල අබේරත්න වාර්තා කරන්නේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ ප්‍රකාශයකි.

මේ ඇතුළු තවත් පුවත් රැසක් මව්බිම , දිවයින වෙබ් අඩවි හරහාද කියවිය හැක.
සන්නස ඔන්ලයින් පත්තරය සමග රැදී සිටින්න.

දිල්කි රත්නායක.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required