/
/
title icon පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද සිට.
පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද සිට.
Editor
1 year ago
Share:
පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද සිට.

නාම යෝජනා කැඳවීම් නිකුත් කළ පළාත් පාලන ආයතන 340 හි ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීම අද සිට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ලබන 23 වැනිදා මධ්‍යම රාත‍්‍රී 12 ට එම කාල සීමාව අවසන්වීමට නියමිත බවයි ඔවුන් නිවේදනය කළේ. අදාළ දිනය නැවත කිසිසේත් දීර්ඝ නොකරන බව එහි දැක්වෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීමට මැතිවරණ කොමිසම දින නියම කර ඇති අතර, ඒ අනුව එළැඹෙන 18 වැනිදා සිට 21 දක්වා නාම යෝජනා කැඳවෙනු ඇති.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව පළාත් පාලන ආයතන 341 න් 340 ක් සඳහා නාම යෝජනා කැඳවීම සිදු කිරීමටයි නියමිතව තිබෙන්නේ.

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ධූර කාලය තවමත් අවසන් නොවීම හේතුවෙන් ඒ සඳහා නාමයෝජනා කැඳවීමක් සිදු කෙරෙන්නේ නැහැ.

ඒ අනුව, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීමේ දැන්වීම ඊයේ නිකුත් කෙරුණු අතර මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක පැවසුවේ දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරින් වෙත ඊයේ දිනයේ අදාළ දැන්වීම නිකුත් කිරිමට පියවර ගත් බවයි.

නාමයෝජනා භාර ගැනීම ලබන 18 වැනිදා ඇරඹෙන අතර ලබන 21 වැනිදා දහවල් 12 දක්වා ඒ සඳහා අවස්ථාව පවතිනවා. ඊයේ දිනයේ සිට ලබන 20 වැනිදා දහවල් 12 දක්වා ඇප මුදල් තැන්පත් කිරීමට අවස්ථාව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ. ඉන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ප‍්‍රකාශයට පත්කෙරෙනු ඇති. 2023 පළාත් පාලන ඡුන්ද විමසීම සඳහා මෙවර සුදුසුකම් ලබා ඇති ඡුන්ද දායකයින් සංඛ්‍යාව එක් කෝටි හැටඅටලක්ෂයක්.

ඊයේ දිනය වනවිට එක් ස්වාධීන කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කර තිබූ අතර, ඒ බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල මහ නගර සභාව සඳහායී.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required