ආනයන සහ අපනයන බහාළුම් ප්‍රවාහන ගාස්තු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සියයට 2 දශම 5කින් අඩු කරන බව එක්සත් ලංකා බහාළුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති සනත් මංජුල කියා සිටියේ අවස්ථා දෙකකදී ඩීසල් මිල පහත දැමීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.