
ඉන්දියාවට පළා ගිය බවට වාර්තා වුණු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මොහොමඞ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ට ඇප බැඳුම්කර අත්සන් කළ තිදෙනාට වහාම අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කේමින්ද පෙරේරා ඊයේ සිතාසි නිකුත් කළා.
ඒ, පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීම් සහ ඒ සඳහා ආධාර අනුබල ලබාදීම යන චෝදනා යටතේ කංජිපානි ඉම්රාන් ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවක් ඊයේ කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් රහසිගතව විදෙස්ගත වී ඇති බවයි. එසේම, අද දිනයේදී එම ඇපකරුවන් තුන්දෙනා අධිකරණය හමුවේ පෙනී සිට නැහැ.