නවකතා කලාව කොතනකද
නවකතාව ඉංග්‍රීසි භාෂාවෙන් හැදින්වෙන්නේ novel ලෙසයි. Novel යන වචනය ඉතාලි භාෂාවේ Novella යන පදයේ අග අකුරු දෙක හැලීමෙන් බිදී ආ වචනයකි. එහි අරුත ‘නව ‘ හෙවත් ‘ අලුත් ‘ යන්නයි. සාමාන්‍ය ජනයා අතර’ ජන කතා, ජාතක කතා ‘ ජනප්‍රියව පැවති යුගයක යම්කිසි අයකු විසින් අලුතින්ම නිර්මාණය කරන ලද නිර්මාණයන්හි වෙනසක් අවශ්‍ය වීම මෙම ‘ නව’ යන පදයෙන් අර්ත ගැන්වේ.
ඉංග්‍රීසියෙන් පළ වූ ප්‍රථම නවකතාව ලෙස සැලකෙන්නේ 1719 දී ඩැනියෙල් ඩිෆෝ විසින් රචිත ‘ රොබින්සන් කෲසෝ නැමැති ග්‍රන්ථයයි. ලාංකීය නවකතා කලාව බිහි වන්නේ හෙළ බසට අදුරු කාල පරිච්ඡේදයක් ආරම්භ වී තිබූ යුගයකයි. සිංහල සමාජය, සංස්කෘතිය බටහිර ගැති බවට පත් වෙමින් තිබූ කාල වකවානුවේදී පන්හිදෙන් හෙළ බස රැක ගැනීමේ නිහඩ මෙහෙවරක නිරත වූවෝද සිටියේය. ඒ අතරින් පුරෝගාමියෙකු වූ අලුත්ගමගේ සයිමන්ද සිල්වා විසින් සිංහල භාෂාවෙන් ප්‍රථම වරට නවකතාවක් රචනා කරන ලදී. ඒ 1905 දී පළ කළ ‘මීනා’ නවකතාවයි.
සයිමන් නවගත්තේගමට පසුව සිංහල නවකතාවේ මුල් යුගයේ අවසාන භාගයේ පහළ වූ පියදාස සිරිසේන සූරීන් නවකතා කලාවට අනර්ඝ මෙහෙවරක් කළ අයෙක් ලෙස සැලකිය හැකිය. සිරිසේනයන්ගේ නවකතා විචාරශීලි ලෙස විමසීමේදී ඔහුගේ නවකතා පුළුල් වස්තු විෂයකින් සමන්විත ඒවා විය.ඔහු මුළු මහත් සමාජයම තම කෘතීන්ට ආශ්‍රය කරගෙන තිබේ. ‘ රොසලින්’ , ‘ අපට වෙච්ච දේ ‘ , ‘, ‘මහ වියවුල’ තරුණියකගේ ප්‍රේමය ‘ , ‘ පළමුවන පාසල ‘ එතුමන්ගේ නවකතා ඇසුරින් කිහිපයකි.
සිංහල නවකතා සාහිත්‍යයේ කතන්දර රජු ලෙස සැලකෙන්නේ ඩබ්ලිව්.ඒ සිල්වා මහතායි.ඔහුගේ ප්‍රථම නවකතාව පළ වන්නේ 1909 දී ‘සිරියලතා’ නමිනි. මුල් නවකතා කරුවන්ගේ නවකතා වල මෙන් ජාතික හැගීම, ආගමික හැගීම් ඇතුළත් නොකල ඔහු පාඨකයාගේ රසාස්වාදය සදහා කතා ප්‍රවෘත්තිය පමණක් ලිව්වේය. ‘ කැලෑ හද’, ‘ හිගන කොල්ලා’, ‘ සුනේත්‍රා හෙවත් අවිචාර සමය’,’ විජයබා කොල්ලය යන නවකතා තුළින් අතීතය පිළිබද හැගීමක් පාඨකයා තුළ දැනවීමට ඩබ්ලිව්.ඒ සිල්වා මහතා උත්සාහ ගෙන තිබේ.
මීට අමතරව නවකතා සාහිත්‍ය ගැන කතා කිරීමේදී හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් ගැන කතා කළ යුතුමය. 1914 ‘ලීලා’ නවකතාව රචනා කරමින් සිය සාහිත්‍ය ජීවිතය ආරම්භ කළ මාර්ටින් වික්‍රමසිංහයන් ‘ ගම්පෙරළිය’,’කළියුගය’,’යුගාන්තය’ යන තුන් ඈදුණු නවකතා ත්‍රිත්වය රචනා කරනු ලැබුවේය.සාම්ප්‍රදායික ජීවිතය ගරා වැටීමෙන් අනතුරුව නාගරික පදනමක් සහ ව්‍යාපාරික පෙළඹුමක් සහිත නාගරික පන්තියේ වර්ධනයත් නව සමාජ පිළිවෙලක් පිළිබද අපේක්ෂාවත් මෙම නවකතා ත්‍රිත්වයෙන් ඉදිරිපත් කෙරිණි. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ තවත් විශිෂ්ටතම කෘතියක් වන්නේ 1965 දී ප්‍රකාශයට පත් වූ ‘ විරාගය ‘නවකතාවයි.
මීට අමතරව පියදාස සිරිසේන, කේ.ජයතිලක,කරුණාසේන ජයලත්,ඩීමන් ආනන්ද,නිව්ටන් ගුණසේකර,ලියනගේ අමරකීර්ති වැනි අය 18,19, සියවස් වල දේශීය සාහිත්‍යට මහගු මෙහෙවරක් ඉටු කරමින් නවකතාව පෝෂණය කළ ලේඛකයන්ය.
වර්තමානය වන විට නවකතා ලියන ලේඛකයන්ගේ මෙන්ම රසවිදින පාඨකයන්ගේද යම් ශුන්‍යතාවක් දක්නට ලැබුණද සාහිත්‍ය සම්මාන වලින් පවා පිදුම් ලබන විශිෂ්ට ගණයේ නවකතා අතළොස්සක් හෝ තවමත් ලියවෙන බව කනස්සල්ලෙන් වුවද පැවසිය යුතුමයි.එරික් ඉලප්පාරච්චි, සුනේත්‍රා රාජකරුණා, සුමිත්‍රා රාහුබද්ධ , මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, සුරත් ද මැල් යන ලේඛක ලේඛිකාවකන් නවකතාව වෙනුවෙන් තම තෙලි තුඩ මෙහෙවන වත්මන් නවකතා කරුවෝය.
ඒ අනුව මෙම නවකතා කරුවන් අතරින් රාජ්‍ය සම්මාන, ස්වර්ණ පුස්තක සම්මාන සදහා නිර්දේෂ වූ මෙන්ම සම්මාන ලැබූ නවකතාද බොහොමයක් මෙම ලේඛකයන් අතින් රචනා වූ ඒවායි.
කෙසේ වුවත් සයිබර් අවකාශයේ ඉදිරියට ඒමත් සමග නවකතා කලාවත් යම් අයුරකින් අගාධයට යන ස්වරූපයක් පෙනේ.
නවකතා කියවීම සහ විචාරය බිද වැටීම එතරම් යහපත් ප්‍රවණතාවයක් ලෙස දක්නට පුළුවන් කමක් නොමැත.ඒ අනුව පාඨකයා සහ නවකතා කෘතිය අතර පාලමක් මෙන් යාන්ත්‍රණයක් නැවත ගොඩ නැගුණ හොත් තවදුරටත් ඉදිරියට ඉතා සාර්ථක නවකතා නිර්මාණ බිහි වේවි.
දිල්කි රත්නායක.