/
/
title icon පේර, අඹ, පැණි කොමඩු සහ එළවළු, පළතුරු වර්ග කිහිපයක් ආනයනය අත්හිටුවයි.
පේර, අඹ, පැණි කොමඩු සහ එළවළු, පළතුරු වර්ග කිහිපයක් ආනයනය අත්හිටුවයි.
Editor
1 year ago
Share:
පේර, අඹ, පැණි කොමඩු සහ එළවළු, පළතුරු වර්ග කිහිපයක් ආනයනය අත්හිටුවයි.

ආනයන හා අපනයන සඳහා වන නව නියාමන රෙගුලාසි රජය මගින් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව තක්කාලි, ලීක්ස්, වට්ටක්කා, බතල, මඤ්ඤොක්කා, පිපිඤ්ඤා, බෝංචි, ළුෑණු ඇතුළු එළවලූ වර්ග කිහිපයක් සහ පේර, අඹ, පැණි කොමඩු, අලිගැටපේර, ස්ට්‍රෝබෙරි ඇතුළු පළතුරු වර්ග කිහිපයක් මෙලෙස තාවකාලිකව මෙරටට ආනයනය කිරීම අත්හිටුවා ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

බිම් මල් සහ ඒ ආශ‍්‍රිත නිෂ්පාදන මෙන්ම පපඩම් සහ ඒ ආශ‍්‍රිත නිෂ්පාදන මෙරටට ගෙන්වීම තාවකාලිකව නතර කර තිබෙනවා.

එමෙන්ම, දුඹුරු නිවුඩු සහල්, කුරක්කන් ඇතුළු ඒ ආශ‍්‍රිත නිෂ්පාදන ආනයනය ද තාවකාලිකව අත්හිටුවා ඇති ආහාර ද්‍රව්‍ය අතරට අයත්.

රට ඉඳි, ග‍්‍රීන් පීස්, කජු, සෝයා බෝංචි නිෂ්පාදන ආනයනයද තාවකාලිකව අත්හිටුවා ඇති අතර පොල් හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම අත්හිටුවා ඇති බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.

එමෙන්ම, ෂැම්පු, කොණ්ඩා ආලේපන හා වර්ණක, පවුඩර්, තොල් ආලේපන, ඇස් ආලේපන මෙන්ම, සුවඳ විලවුන් ආනයනයද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

පිරිමි ඇදුම්, කාන්තා අත් ඔරලෝසු , ඇදුම්, පාවහන්, ලෙදර් සහ රබර් ආශ‍්‍රිත නිෂ්පාදනච මෙරටට ගෙන්වීමද තාවකාලිකව අත්හිටුවීමටයි මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත්තේ.

සෙරමික් සහ මුළුතැන්ගෙයි උපකරණ කිහිපයක්ද ආනයනය අත්හිටවූ භාණ්ඩ අතරට ඇතුළත් බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.

මේ අතර රත‍්‍රං ජාවාරම වැළැක්වීම සඳහා අතිවිශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ කැරට් 22 ට වැඩි රත‍්‍රං ආභරණ ලෙස ගෙන ඒම සීමා කරමින් මෙම ගැසට් පත‍්‍රය නිකුත් කර ඇති බවයි.

එසේම, තිරිඟු පිටි ආනයනය කිරීම සඳහා ලබාදුන් කාල සීමාව මේ මස 30 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි වෙළඳ අමාත්‍ය නලීන් ප‍්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.

මේ අතර, දෙසැම්බර් මාසයේ මෙරට නිල විදේශ සංචිත සියයට 05 කින් ඉහළ ගොස් තිබෙනවා. ශ‍්‍රී ලංකා මහා බැංකුව සඳහන් කළේ නොවැම්බර් මාසයේ ඇමරිකානු ඩොලර් මිලියන 1806 ක්ව පැවති විදේශ සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 1896 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required