පුත්තලම මුහුදු තීරයට ඊයේ රාත්රියේ පැමිණි නෞකාවේ ගල් අගුරු ගොඩබෑමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින ලංකා ගල් අගුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර පවසනවා.
ඩොලර් මිලියන 14 ක වටිනාකමකින් යුතු ගල් අගුරු මෙට්රික් ටොන් 60,000 ක් අඩංගු අතර, මේ වසරේ නොරොච්චෝලේ බලාගාරයට පැමිණි ගල් අගුරු රැගත් පළමු නෞකාව ද මෙයයි.
මේ අතර, පොළොන්නරුව – මැදිරිගිරිය ඇතුළු ප්රදේශ කිහිපයක විහාරස්ථාන වල ද විදුලි බිල වැඩි කිරීමට එරෙහි පෙත්සමට අදත් අත්සන් කෙරුණා.