/
/
title icon එක මතයකට එන්නැයි ජනපති මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට කියයි.
එක මතයකට එන්නැයි ජනපති මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට කියයි.
Editor
1 year ago
Share:
එක මතයකට එන්නැයි ජනපති මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට කියයි.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා. ඊයේ පස්වරුවේ පැවති මෙම හමුවට නීතිපතිවරයාද එක්ව සිටි අතර, පළාත්පාලන මැතිවරණය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්.

ඡන්ද විමසීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මත 04 ක් දැරීම හේතුවෙන් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ පළමුව ඔවුන්ට එක් මතයකට පැමිණෙන ලෙසයි. බහුතර ඒකමතික කැමැත්තක් සහිතව කටයුතු කරන ලෙස ප‍්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා, ස්වාධීනව කොමිසමේ කටයුතු පවත්වාගෙන යෑමට කිසිදු බාධාවක් නොමැති බව අවධාරණය කර තිබෙනවා.

අවශ්‍ය නම් නීතිපතිවරයාගෙන් ලිඛිත විමසීම් සිදුකරන ලෙසයි ජනාධිපතිවරයා මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට දැනුම් දී ඇත්තේ. නීතිපතිවරයා එහිදී දන්වා ඇත්තේ නිදහස් හා සාමකාමී මැතිවරණයක් සඳහා වන පසුබිම සහ තත්ත්වයන් සම්බන්ධයෙන් තමන් දැනුවත් කරන ලෙසයි. යම් නීතිමය ගැටළුවක් ඇතොත් එය විමසීමට ඍජුවම තමා වෙත දන්වා එවන ලෙසද ඔහු එහිදී ප‍්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් මත 04 ක් දැරීම හේතුවෙන් ඊයේ පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන්ව ඇති බවයි වාර්තා වන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required