/
/
title icon දේශපාලන සිරකරුවන්ගේ නඩු ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි.
දේශපාලන සිරකරුවන්ගේ නඩු ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි.
Editor
1 year ago
Share:
දේශපාලන සිරකරුවන්ගේ නඩු ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි.

උතුරු – නැගෙනහිර ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් ලබන 15 වනදාට යෙදෙන තෛපොංගල් දිනයේදී ජනාධිපතිවරයා ප‍්‍රකාශයක් සිදුකරන බව දැනුම් දුන්නේ යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් පවසනවා.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සහ එම සන්ධානයේ නියෝජිතයින් අතර ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡුාවේදීයි ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කර ඇත්තේ.

එහිදී දෙමළ ජනතාවගේ ඉඩම් සම්බන්ධ ගැටළු මෙන්ම දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.

මෙහිදී ජනාධිපතිවරයා, සාකච්ඡාවට එක්වූ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට උපදෙස් ලබාදී ඇත්තේ දේශපාලන සිරකරුවන්ගේ අධිකරණ කටයුතු පිළිබඳ විමසා වාර්තාවක් ලබාදෙන ලෙසයි.

එසේම, නිදහස් කිරීමට නියමිත දේශපාලන සිරකරුවන් පිළිබඳව තමන්ට ලබන සඳුඳා වාර්තාවක් ලබාදෙන ලෙසද ජනාධිපතිවරයා දන්වා තිබෙනවා.

මෙම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ නායක, ආර්. සම්බන්ධන්, එම්.ඒ. සුමන්දිරන්, සෙල්වම් අඩෙක්කලනාදන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් එක්ව සිටියා.

ලබන 10 වනදා සිට 14 වනදා දක්වා සියළු දෙමළ දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් දෙමළ ජනතාවගේ ගැටලූ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර, ඊට පෙර සූදානමක් ලෙසයි ඊයේ මෙම හමුව පවත්වා ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required