/
/
title icon
මතට ලොල් වූ පුතුගේ වදයෙන් මව බේරීමට පියා පුතු ඝාතනය කරයි.
මතට ලොල් වූ පුතුගේ වදයෙන් මව බේරීමට පියා පුතු ඝාතනය කරයි.
Editor
2 years ago
Share:
මතට ලොල් වූ පුතුගේ වදයෙන් මව බේරීමට පියා පුතු ඝාතනය කරයි.

මතට ඇබ්බැහි වූ පුතෙකුගේ හිරිහැරවලින් මව මුදාගැනීමට එම පුතු ඝාතනය කළ පියෙකු පිළිබඳ පුවතක් අනුරාධපුර – සාලියපුර – තෙප්පන්කුලම ප‍්‍රදේශයෙන් වාර්තා වුණා.

මියගිය 25 හැවිරිදි තරුණයා දැඩිව මත්ද්‍ර්‍යවලට ඇබ්බැහිවූ අයෙක්. ඔහුගේ එක් පාදයක් අනතුරකින් අහිමි වී තිබුණා.

කෙසේ වෙතත්, දීර්ඝ කාලයක් තිස්සේ තම මවට සහ පියාට හිරිහැර කරමින් සිටි මෙම පුතු ඊයේ රාත‍්‍රියේ මවට පහරදී ඇති අතර එම අවස්ථාවේ වැඩ නිමවී නිවසට පැමිණි පියා පුතුගෙන් ඇය බේරාගැනීමට දැඩි උත්සහයක යෙදී තිබෙනවා.

පසුව පුත‍්‍රයා විසින් පියාට පහරදිමට තැත්කළ අවස්ථාවේ පියා විසින් පුතාට තියුණු ආයුධයකින් පහරදී ඔහු ඝාතනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.  සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පියා අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required