/
/
title icon පාස්කු මූලික අයිතිවාසිකම් පෙත්සම් නඩු තීන්දුව 12 වනදා.
පාස්කු මූලික අයිතිවාසිකම් පෙත්සම් නඩු තීන්දුව 12 වනදා.
Editor
1 year ago
Share:
පාස්කු මූලික අයිතිවාසිකම් පෙත්සම් නඩු තීන්දුව 12 වනදා.

පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල කරන බවට ප‍්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක‍්‍රියාමාර්ග නොගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ලබන 12 වනදා ප‍්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා. එම පෙත්සම් ගොනුකර ඇත්තේ හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිවයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප‍්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය, ප‍්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින්, කතෝලික පියතුමන්ලා ඇතුළු පාර්ශව විසින් පෙත්සම් ඉදිරිපත් 12 ක් ගොනු කර තිබුණා.

එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපතිවරයාට අමතරව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required