දසුන් ශානකගේ සුපිරි පිති හරඹය හේතුවෙන් ඉන්දියාව සමඟ ඊයේ පැවති දෙවන විස්සයි විස්ස තරගය ලකුණු 16 කින් ජයගැනීමට ශ‍්‍රී ලංකාව සමත්වුණා.
පූනේහි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලූ හයක් දැවී ලකුණු 206 ක් රැස් කළා. එහිදී කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක පන්දු වාර අටයි පන්දු දෙකකදී පළමු කඩුල්ල සඳහා ලකුණු 80 ක සබඳතාවක් ගොඩ නැංවූවද ඉතිරි පන්දු 48 දී ශ‍්‍රී ලංකාවේ කඩුළු හයක් බිඳ දැමීමට ඉන්දිය පන්දු යවන්නන් සමත්වුණා.
කෙසේ වෙතත්, අනතුරුව පිටියට පැමිණි නායක දසුන් ශානක ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෙකු විස්සයි විස්ස තරගයකදී රැස් කළ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව තමන් සතු කරගත්තේ පන්දු විසි දෙකකදී නොදැවී ලකුණු 56 ක් රැස් කරගනිමින්. ඔහුගේ ඉනිමට හතරේ පහර දෙකක් සහ හයේ පහර හයක් ඇතුළත් වුණා.
දසුන් ශානක මෙලෙස බිඳ හෙලනු ලැබුවේ මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර තබා තිබූ වාර්තාවක් වන අතර, ඔවුන් අර්ධ ශතක සඳහා පන්දු විසි එක බැගින් වැය කර තිබුණා.
එමෙන්ම ශ‍්‍රි ලංකාව ඉන්දියාවේදී විස්සයි විස්ස තරගයක් ජයගනු ලැබුවේ වසර හතකට පසුව වීම විශේෂත්වයක්.