/
/
title icon ප‍්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික‍්‍රම අභාවප‍්‍රාප්ත වෙයි.
ප‍්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික‍්‍රම අභාවප‍්‍රාප්ත වෙයි.
Editor
1 year ago
Share:
ප‍්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික‍්‍රම අභාවප‍්‍රාප්ත වෙයි.

ප‍්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික‍්‍රම අභාවප‍්‍රාප්ත වුණා. පසුගිය 01 වනදා සිට හෝමාගම රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි ඔහු ඊයේ පස්වරුවේ මියයන විට 83 වන වියේ පසුවූ බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

1939 වසරේ ජනවාරි 19 වනදා ගාල්ල – හීනටිගල ප‍්‍රදේශයේදී උපත ලද බුද්ධිසේන දයාරත්න වික‍්‍රම හීනටිගල ශාරිපුත‍්‍ර විද්‍යාලයෙන් ප‍්‍රාථමික අධ්‍යාපනය ලබා පසුව ගාල්ල – මහින්ද විද්‍යාලයෙන් ද්වීතියික අධ්‍යාපනය සම්පූර්ණ කළා.

කලා ක්ෂේත‍්‍රයට පිවිසීමට පෙර මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිර්මාණ ශිල්පියෙකු ලෙස සේවය කළ ඔහු ‘‘සාමා, දහසක් සිතුවිලි, හාරලක්ෂය, වැලිකතර, රෝමියෝ ජුලියට්’’ ආදී චිත‍්‍රපට රැසකට රංගනයෙන් දායක වී තිබෙනවා. ‘‘තාරාදේවී, දූ දරුවෝ, සුසීමා, පළිඟු මැණිකේ, අඹ යහළුවෝ’’ වැනි ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසකටද ඔහු සිය රංගන දායකත්වය සපයනු ලැබුවා.

වේදිකාව, සිනමාව මෙන්ම පුංචි තිරයේද නොමැකෙන මතක සටහන් එක්කළ බුද්ධි වික‍්‍රම හෝමාගම ප‍්‍රදේශයේ පදිංචිව සිටි අතර, අවසන් කාලයේ රෝගාතුරව සිටීම නිසා රංගනයෙන් ඈත්ව කල්ගත කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required