පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ඡන්දය භාවිතා කිරිම සඳහා ලී ඡන්ද පෙට්ටි පමණක් යොදා ගැනීමට මැතිවරණ කොමිසම සැළසුම් කර තිබෙනවා. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, පසුගිය ජනාධිපතිවරණයේදී යොදාගත් ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි මෙවර යොදා නොගන්නා බවයි.
එමෙන්ම මැතිවරණ දිනය ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමුකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර, ඡන්ද විමසීමේ කාලසීමාව තුළදී දේශපාලන පක්ෂ, කණ්ඩායම් හෝ අපේක්ෂකයන් ප‍්‍රවර්ධනය කිරීමට හේතුවන හෝ වෙනත් පක්ෂ, කණ්ඩායම් හෝ අපේක්ෂකයන් අගතියට පත්වන ආකාරයේ කටයුතු සඳහා රාජ්‍ය දේපළ භාවිත කිරීමෙන් වැළකිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව ප‍්‍රකාශ කළා.
එසේම, ඡන්ද විමසීම පැවැත්වෙන දිස්ති‍්‍රක්කවල රාජ්‍ය නිලධාරීන් බඳවා ගැනීම්, උසස් කිරීම් සහ මාරු කිරීම් යනාදී කරුණු සීමා කිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් පුමුඛ සියළුම නිලධාරීන් අවධානය යොමු කළ යුතු බවයි එම කොමිෂන් සභාව දැනුම් දෙන්නේ.