/
/
title icon දුම්රිය ගමන්වාර 42 ක් අවලංගු කිරීමේ තීරණය අත්හිටුවයි.
දුම්රිය ගමන්වාර 42 ක් අවලංගු කිරීමේ තීරණය අත්හිටුවයි.
Editor
1 year ago
Share:
දුම්රිය ගමන්වාර 42 ක් අවලංගු කිරීමේ තීරණය අත්හිටුවයි.

අද සිට දුම්රිය ගමන් වාර 42 ක් අවලංගු කිරීමට ගෙන තිබූ තීරණය අත්හිට වූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනවිරත්න ප‍්‍රකාශ කළා. මීට පෙර දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ නැවත දැනුම් දෙනතුරු දුම්රිය ගමන්වාර 42 ක් අද සිට අවලංගු කරන බවයි.

ප‍්‍රමාණවත් පරිදි සේවකයින් නොමැතිවීම මීට හේතු වී තිබුණා. ඒ අනුව ප‍්‍රධාන මාර්ගයේ ගමන්වාර 20 ක්, මුහුදුබඩ මාර්ගයේ ගමන්වාර 16 ක්, පුත්තලම මාර්ගයේ ගමන්වාර 04 ක් සහ කැළණිවැලි මාර්ගයේ ගමන්වාර 02 ක් මෙලෙස අවලංගු කිරීමටයි මීට පෙර සැලසුම් කරනු ලැබුවේ.

කෙසේ වෙතත්, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනවිරත්න කියා සිටියේ මෙම අවලංගු කිරීම් සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කිරීම සඳහා අදාළ තීරණය අත්හිටවූ බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් 500කට වැඩි පිරිසක් එකවර විශ‍්‍රාම ගැන්වීම හේතුවෙන් දෙපාර්තමේන්තුව තුළ දැඩි සේවක හිඟයක් ඇති වුණා. ඒ අනුව පසුගිය කාලය පුරා දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වූ අතර ඒ හේතුවෙන් මඟීන් අපහසුතා රැසකට මුහුණ දුන්නා. පසුව දැනට විශ‍්‍රාම ගොස් සිටින අත්‍යවශ්‍ය සේවකයින් පමණක් සේවයට බදවා ගැනීමට අවසර ලබාදී තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required