සතොස ආයතනය තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 04 මිල අඩු කර තිබෙනවා. ඒ අනුව දේශීය සම්බා, සුදු කැකුළු, සුදු නාඩු සහ පාන් පිටි වල මිල ගණන් මෙලෙස අඩු කර ඇති බවයි එම ආයතනය නිවේදනය කළේ.
දේශීය සම්බා කිලෝවක මිල රුපියල් 220ක් ලෙස රුපියල් 5කින් මිල අඩු කර තිබෙනවා. දේශීය සුදු කැකුළු කිලෝවක මිල රුපියල් 16කින් අඩු කර ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 189ක් ලෙසයි.
එමෙන්ම දේශීය සුදු නාඩු කිලෝවක මිල රුපියල් 2කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 198ක් ලෙස සටහන් වනවා. පාන් පිටි කිලෝවක් රුපියල් 5කින් අඩු කර තිබෙන අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 240ක් ලෙසයි.