
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ගේ තත්ත්වය සොයා බැලීම සඳහා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් කටයුතු කර තිබෙනවා.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ඊයේ එම පිරිස පැමිණ ඇති අතර, එහිදී ඔහු රඳවා සිටි ස්ථානය වෙත ගොස් ඔහුගේ තත්ත්වය පරීක්ෂා කර ඇති බව සඳහන්.
එහිදී රැඳවුම් තත්ත්වය නිරීක්ෂණය කර ගතයුතු පියවරයන් පිළිබඳව අදාළ බන්ධනාගාර නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.
මෙම පරීක්ෂා කිරීම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මඟින් ක්‍රියාත්මක කරන වධ හිංසා වැළැක්වීමේ ජාතික යාන්ත‍්‍රණයේ කොටසක් ලෙසයි සිදුකර ඇත්තේ. ඒ සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව තිබෙනවා.