/
/
title icon
සදුදා සිට දිනකට දුම්රිය ගමන් වාර 30 ක් අවලංගු කෙරේ.
සදුදා සිට දිනකට දුම්රිය ගමන් වාර 30 ක් අවලංගු කෙරේ.
Editor
2 years ago
Share:
සදුදා සිට දිනකට දුම්රිය ගමන් වාර 30 ක් අවලංගු කෙරේ.

දැනට පවතින 400 ක් වන දෛනික දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 30 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන සඳුදා සිට දෛනිකව ධාවනය කෙරෙන දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 370 ක් බවයි විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්ත්මේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

එසේම විශ‍්‍රාම ගිය දුම්රිය රියදුරන් හා නියාමකයන් කොන්ත‍්‍රාත් පදනම මත සේවයේ යෙදවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවූ බවද අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර, කොටුව දුම්රිය ස්ථානයේ සිට ගමන් ගන්නා දුම්රිය තුල ලොතරැයිපත් සහ ජල බෝතල් අලෙවි කිරීම සහ ගීත ගායනා කළ බවට අධිකරණයට ඉදිරිපත් කළ දෘශ්‍යාබාධිතයින් ඇතුළු 06 දෙනෙකුට අවවාද කර මුදාහරින ලෙස කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ අද නියෝග කළා.

මහේස්ත‍්‍රාත්වරයා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට සඳහන් කර තිබුණේ දැඩි ආර්ථික අපහසුතා ඇති අවස්ථාවක සොරකම් නොකර මෙලෙස කටයුතු කිරීම වරදක් නොවන අතර ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකර ඒ පිළිබඳ ඉහල නිළධාරීන් දැනුම්වත් කරන ලෙසයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required