/
/
title icon පුංචි ඡන්දයට අරගලය කරුවන් පිරිසක් සහ ආදිවාසී නියෝජනය කරමින් පක්ෂය එක්වෙයි.
පුංචි ඡන්දයට අරගලය කරුවන් පිරිසක් සහ ආදිවාසී නියෝජනය කරමින් පක්ෂය එක්වෙයි.
Editor
1 year ago
Share:
පුංචි ඡන්දයට අරගලය කරුවන් පිරිසක් සහ ආදිවාසී නියෝජනය කරමින් පක්ෂය එක්වෙයි.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය සියලූ‍ම පියවර මේ දක්වා ගෙන ඇති බව මැතිවරණ කොමිසම අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

ඒ, පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ‍්‍රාමික යුධ හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්. එම්. ආර් විජේසුන්දර විසින් ඉදිරිපත් කළ පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා එහි සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මෙම දැනුම්දීම සිදුකළා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්.තුරෙයිරාජා සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද මෙම පෙත්සම කැඳවනු ලැබුවා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව සංශෝධිත පෙත්සම ඉදිරිපත් කිරීම සඳහා අවසර ඉල්ලා සිටියා.

ඒ අනුව සංශෝධිත පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා පෙත්සම්කරුට අවසර ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා ලබන 18 වනදා කැඳවන ලෙස නියම කළා.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ සඳහන් කළේ මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටිමක් නොකරන බව දන්වා ඇති බවයි.

ඒ අනුව මැතිවරණ කොමිසම වෙනුවෙන් තමන්ට පෙනී සිටින ලෙස එම කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් උපදෙස් ලබා දී ඇති බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණයට දන්වා සිටියා.

මේ අතර අදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී එය ප‍්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළ නීතිඥ සුනිල් වටගල, එරංග ගුණසේකර, පැෆරල් සංවිධානය ඇතුළු පාර්ශව කීපයක් වෙනුවෙන් ද නීතිඥවරු පෙනී සිටියා. 

පෙත්සම්කරු කියා සිටින්නේ වර්තමානයේ රට තුළ විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බැවින් මෙම අවස්ථාවේදී පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම නුසුදුසු බවයි.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට බදුල්ල දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන හතරක් සඳහා ආදිවාසී ජනතාව නියෝජනය කරමින් ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ අද ඇප මුදල් තැම්පත් කළා.

මේ අතර ගාලූමුවදොර අරගලයට එක්වූ පිරිසක් අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ ඉදිරි පළාත් පාලන ඡන්දයට ගෝලීය ශ‍්‍රී ලාංකික කොංග‍්‍රසය ලෙස ඉදිරිපත් වන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required