තමන්ගේ ලිපිය නිසා අපහසුතාවයක් සිදුවූයේ නම් සමාව අයදින බවත්, ඉදිරියේ දී එවැන්නක් ඇති නොවන පරිදි කටයුතු කරනබවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් නීල් හපුහින්න ප්‍රකාශ කර තිබෙනවා.
එ් ඔහු ඊයේ මැතිවරණ කොමිසමට කැඳවා සිදු කළ විමසීමක දීයි.
පළාත් පාලන ආයතන ඡුන්ද විමසීම සඳහා අපේක්ෂක ඇප තැන්පත් මුදල් භාර ගැනීමෙන් වළකින ලෙසට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමුකර තිබූ ලිපිය සම්බන්ධයෙන් කරුණු විමසීමටයි ඔහු මෙලෙස කොමිසම හමුවට කැඳවා තිබුණේ.
එහි දී අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව තමන් මෙම ලිපිය නිකුත් කළ බවයි. අනතුරුව එය සුදුසු නොවන බවට හැඟී ගිය බැවින් පැයක් වැනි කාලයක දී එය නැවත කැඳවූ බව ද ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.