/
/
title icon රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන ක‍්‍රමවේදයේ වෙනසක්.
රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන ක‍්‍රමවේදයේ වෙනසක්.
Editor
1 year ago
Share:
රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන ක‍්‍රමවේදයේ වෙනසක්.

රාජ්‍ය ආයතනවල මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරින්ගේ වැටුප අවස්ථා දෙකකදී ගෙවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ප‍්‍රථමයෙන් මාණ්ඩලික නොවන නිලධාරින්ගේ වැටුප් ගෙවීමටත්, අනතුරුව මාණ්ඩලික නිලධාරින්ගේ වැටුප් ගෙවීමටයි තීරණය කර ඇත්තේ.

රටේ දැනට පවතින මූල්‍ය අර්බුදය සැලකිල්ලට ගනිමින් අදාල තීරණය ගෙන තිබෙනවා. එමෙන්ම අමාත්‍යංශවල වියදම සියයට 05 කින් කපාහැරීමටද අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබූ බවයි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු ප‍්‍රකාශ කළේ.

එසේම සමෘද්ධි ප‍්‍රතිලාභින් ඇතුළු අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ 20 කට මසකට සහල් කිලෝ ග‍්‍රෑම් 10 බැගින් ලබාදීම සඳහා වී මෙට්‍රික් ටොන් 61,600 ක් මිලදී ගැනීමටද අනුමැතිය හිමි වුණා. මාස දෙකක කාලයක් සඳහා මෙම සහනය ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required