/
/
title icon විදුලි බිල ගැන මහජන උපයෝගිතා කොමිසම ජනතාවගෙන් යෝජනා ඉල්ලයි.
විදුලි බිල ගැන මහජන උපයෝගිතා කොමිසම ජනතාවගෙන් යෝජනා ඉල්ලයි.
Editor
1 year ago
Share:
විදුලි බිල ගැන මහජන උපයෝගිතා කොමිසම ජනතාවගෙන් යෝජනා ඉල්ලයි.

විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කළ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනා අද සිට දින 21 ක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම ජනතාවට දැනුම් දෙනවා. විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම් සළකා පසුගියදා අමාත්‍ය මණ්ඩලය මෙම වසර සඳහා සියයට 66. 2 ක ගාස්තු ඉහළ දැමීමක් යෝජනා කරනු ලැබුවා.

එම ගාස්තු සංශෝධනයට අදාළව ගැටලූ හෝ බලපෑම් තිබේනම් ඒවා ලිඛිතව දැනුම් දෙන ලෙසයි එම මහජන උපයෝගිතා කොමිසන් සභාව දැනුම් දෙන්නේ. පසුව එම දැනුම් දී සළකා බලන කොමිසම, අවශ්‍ය වුවහොත් වාචික අදහස් දැක්වීමට අදාළ පාර්ශවයන්ට අවස්ථාව ලබාදෙන බවයි මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කළේ.

මේ අතර හෙට සහ අනිද්දා යන දෙදින තුළත් පැය 02 යි විනාඩි 20 කාලයක් විදුලි කප්පාදුව කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව දහවල් කාලයේ පැයකුත්, රාත‍්‍රි කාලයේ පැය 01 යි විනාඩි 20 කුත් විදුලි කප්පාදුව සිදුවනු ඇති.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required