/
/
title icon අන්තරේ විරෝධතාවට ස්ථාන කිහිපයකදී පොලිසියෙන් ජල සහ කදුළු ගෑස්.
අන්තරේ විරෝධතාවට ස්ථාන කිහිපයකදී පොලිසියෙන් ජල සහ කදුළු ගෑස්.
Editor
1 year ago
Share:
අන්තරේ විරෝධතාවට ස්ථාන කිහිපයකදී පොලිසියෙන් ජල සහ කදුළු ගෑස්.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹදී සංවිධානය කර තිබු විරෝධතා පාගමනක් විසුරුවා හැරීම සඳහා පොලිසිය අද කොල්ලූපිටිය සහ නෙලූම් පොකුණ ආසන්නයේදී ජල හා කදුළු ගෑස් ප‍්‍රහාර එල්ල කළා.

තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටින් අද දහවල් මෙම පාගමන ආරම්භ කෙරුණේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශීෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්.

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂූ බල මණ්ඩලයේ භික්ෂූන් වහන්සේද ඊට එක්ව සිටි අතර විරෝධතාකරුවන් බම්බලපිටිය මංසන්ධිය ඔස්සේ ගාලූපාරට පැමිණ කොල්ලූපිටිය දෙසට ගමන් කළා. මේ හේතුවෙන් ගාලූ පාරේ රථවාහන තදබදයක් හටගත්තා. විරෝධතාකරුවන් අවහිර වන පරිදි කොල්ලූපිටියේ සහ බම්බලපිටිය අතර පොලිසිය රැදී සිටීම හේතුවෙන් ඔවුන් අතුරු මාර්ග ඔස්සේ මැරයින් ඩ‍්‍රයිව් මාර්ගයට පිවිසි අතර යළි අතුරු මාර්ගයක් ඔස්සේ ගාලූ පාරට පිවිසීමටයි විරෝධතාකරුවන් කටයුතු කරනු ලැබුවේ.

මේ අතර උද්ඝෝෂකයින් පිරිසක් ලිප්ටන් වටරවුමට රැස්වී පෙලපාලියක් මගින් යුනියන් පෙදෙස මාර්ගය ඔස්සේ ගාලූමුවදොර දෙසට පැමිණිමට සැලසුම් කර ඇති බවට ලැබුණු තොරතුරක් මත එය තහනම් කරන ලෙස නියෝගයක් කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

ගාලූමුවදොර දෙසට ඇතුළු වීම වළක්වාලමින් උද්ඝෝෂකයින් වෙත කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය ආඥාවක් නිකුත් කරනු ලැබුවේ ඒ අනුවයි. කෙසේ වෙතත් වෙනත් ස්ථානයක සාමාකාමීව විරෝධතා පැවැත්විය හැකි බව අධිකරණය දැනුම් දුන්නා.

මීට අමතරව මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයෙන් කර තිබු ඉල්ලීමකට අනුව අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැදවුම්කරු පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු 18 දෙනෙකුට එරෙහිව මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණය ද තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා. එම තහනම් නියෝග පොලිසිය විරෝධතාකරුවන්ට දැනුම් දීම සිදුකරනු ලැබුවා.

කෙසේ වෙතත්, විකල්ප මාර්ග ඔස්සේද කොල්ලූපිටිය දෙසට ගමන් කිරීමට ඔවුන් උත්සහ කිරීමත් සමග කොල්ලූපිටිය ශාන්ත අන්තෝනී මාවත අසළදි පොලිසිය ජල හා කදුළු ගෑස් ප‍්‍රහාර එල්ල කිරීමත් සමග ඇතිවුයේ උණුසුම් තත්ත්වයක්.

අනතුරුව විරෝධතාකරුවන් කොටස් වශයෙන් විකල්ප මාර්ග ඔස්සේ විහාර මහ දේවි උද්‍යානය දෙසට ගමන් කළා. ඒ හේතුවෙන් එම මාර්ගවල රථවාහන ගමනා ගමනයට බාධා එල්ලවි තිබුනා. එහිදි නෙළුම් පොකුණ ආසන්නයේදි යලිත් පොලිසිය විරෝධතාකරුවන්ට කදුළු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කරනු ලැබුවා.

රැකියා විරහිර උපාධිධාරි සංගමයේ සම කැඳවුම්කරුවෙකු වන ධම්මික මුණසිංහ විරෝධතාවය අතරතුරදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර පසුගිය වසරේ මැයි 9 වනදා ඇතිවූ නොසන්සුන්තාවයේදී දේශපාලනඥයින්ගේ නිවෙස්වලට පහරදී ගිනිබත් කිරීමේ සිද්ධිය ගැන විමර්ශනයක් පවත්වා අපරාධ නීතිය යටතේ ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ රිට් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද තීරණය කළා.

ඒ අනුව පෙත්සමේ වග උත්තරකරුවන් වන පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා, යුද හමුදාපතිවරයා, යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ඇතුළු 18 දෙනෙකුට පෙබරවාරි මස 24 වනදා කරුණු දක්වන ලෙසටයි නොතීසි නිකුත් කෙරුණේ. මැයි 9 වනදා නොසන්සුන්තාවයේදී නිවාස හානි වූ දේශපාලනඥයින් 39 දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required