ශ්‍රී ලංකාවේ ණය ප‍්‍රතිව්‍යුුහගත කිරීම පිළිබඳ සහතිකයක්, ඉන්දියාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඍජුවම ලබා දී තිබෙනවා. චීනය ද මෙවැනි සහතිකයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නුදුරේදීම ලබාදෙනු ඇති බවයි වාර්තා වන්නේ.
මේ හරහා එම අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ණය පහසුකම කඩිනම් වනුු ඇති බව සඳහන්.
ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ලබන බ‍්‍රහස්පතින්දා දිවයිනට පැමිණීමට නියමිත අතර ඔහු මෙලෙස පැමිණෙන්නේ ශ්‍රී ලංකාවේ දැනට පවතින ණය ප‍්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවකට බව වාර්තා වනවා.
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ එම ධුරයට පත් වීමෙන් පසු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි.
මේ වනවිට චීන කොමියුනිට්ස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය වෙන් ෂු ඇතුළු නියෝජිත පිරිසක්ද දිවයිනේ සංචාරයක නිරත වන අතර ඔවුන් දිවයිනෙන් නික්මුණු පසු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරටට පැමිණෙනු ඇති.