කැබිනට් මණ්ඩලය අනුමත කළ විදුලි ගාස්තු ඉහළ දැමිමේ සංශෝධනය ප‍්‍රතික්ෂේප කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අමාත්‍ය මණ්ඩලයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබෙනවා. විදුලි ගාස්තු සංශෝධනය නුසුදුසු බව සඳහන් කරමින් ඔහු මෙම දැනුම් දීම කර තිබුණා.
මහජන උපයෝගිතා කොමිසමට පැවරී ඇති බලතල අනුව විදුලි ගාස්තු සංශෝධනයකදී එම කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වනවා. විදුලිය ගාස්තු ජනවාරි මස 1 වනදා සිට ඉහළ දැමීමට පසුගිය සතියේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබුවා.
මේ අතර අද සහ හෙට යන දෙදින තුළත් පැය 02 යි විනාඩි 20 කාලයක් විදුලි කප්පාදු කෙරෙනවා.