ශ‍්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය ඇති කිරීම සහ ණයබර ලිහිල් කිරීම පිළිබඳව ධනාත්මක කාර්යයක් ඉටු කරමින් සිටින බව චීන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශක වැන්ග් වෙන් බෙන්ග් පවසනවා.
එමෙන්ම ශ‍්‍රී ලංකාව ස්වාධීන ක‍්‍රියවාලියකට එළඹීම ස`දහා විදේශ ආයෝජන සහ මූල්‍ය සහකරුවන්ගේ සැබෑ අයිතීන් සහ පොදු අභිලාෂයන් සාක්ෂාත් කිරීමට කටයුතු කරනු ඇති බවට චීනය බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
මේ අතර, ශ‍්‍රි ලංකාවේ හදිසි අවශ්‍යතාවය පිළිබඳව චීනය ධනාත්මක සලකා බලමින් සිටින බව චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානී උප ඇමති චෙන් ෂෝ පවසනවා.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙලේ නියෝජිත පිරිස අරලියගහ මන්දිරයේදී අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවූ අවස්ථාවේදීයි ඔහු මේ බව ප‍්‍රකාශ කර ඇත්තේ. එහිදී උප අමාත්‍ය චෙන් ෂෝ ප‍්‍රකාශ කර ඇත්තේ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනය ගන්නා සුබ ආරංචිය කඩිනමින් අසන්නට ලැබෙනු ඇති බවයි.
වත්මන් ආර්ථික අර්බුද හමුවේ සැමවිටම ශ‍්‍රි ලංකාව වෙනුවෙන් පෙනී සිටින බවට සහතිකයක් ද මෙහිදී ලැබුණු බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.