ශල්‍යකර්මයකට භාජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ඉදිරි තරග සංචාර සඳහා තෝරා ගැනීම්වලට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුව පවසනවා.
එහි ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා කියා සිටියේ ශල්‍යකර්මයෙන් අනතුරුව ඔහුගේ ශාරීරික යෝග්‍යතාව මේ වනවිට යහපත් මට්ටමක පවතින බවයි.
2021 වසරේ නොවැම්බර් මාසයෙන් අනතුරුව කුසල් ජනිත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට සහභාගි වී නැහැ.