/
/
title icon උප්පැන්න අයදුම්පත‍්‍ර අවසන්ද ? රජයේ මුද්‍රණාලය තතු කියයි.
උප්පැන්න අයදුම්පත‍්‍ර අවසන්ද ? රජයේ මුද්‍රණාලය තතු කියයි.
Editor
1 year ago
Share:
උප්පැන්න අයදුම්පත‍්‍ර අවසන්ද ? රජයේ මුද්‍රණාලය තතු කියයි.

උප්පැන්න සහතික අයදුම්පත‍්‍ර අවසන්ව ඇති බැවින් මරණ සහතික අයදුම්පතෙහි උප්පැන්න බව සඳහන් කොට අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙසට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප‍්‍රදර්ශනය කර තිබෙන දැන්වීමක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

උප්පැන්න සහතික සහ මරණ සහතික අයදුම්පත් මුද්‍රණය කිරීම සිදුකරනු ලබන්නේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් වන අතර රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන ඇනවුම් අනුව එම අයදුම්පත් අවශ්‍යතාව මුද්‍රණය කර දීම සාමාන්‍ය ක‍්‍රමවේදයයි. මෙලෙස උප්පැන්න සහතික අයදුම්පත‍්‍ර අවසන්වී ඇති බවට සමාජ මාධ්‍යයේ පළවන වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමකදී, රජයේ මුද්‍රණාලය සඳහන් කළේ, රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවෙන් ලබාදුන් ඇණවුම් සියල්ල අවසන් කර යළි භාරදී ඇති බවයි.

පවතින ඩොලර් හිඟය හේතුවෙන් පසුගිය දිනවලදී කඩදාසි හිඟයක් මතුව තිබුණද මේ වන විට එම තත්වයේ යම් පාලනයක් සිදුව ඇති බැවින්, ලබාදෙන ඇණවුම් අනුව මුද්‍රණ කටයුතු දෛනිකව සිදුකරමින් සිටින බවද රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required