ශ‍්‍රී දළදා වහන්සේට අපහාස වන අයුරෙන් ප‍්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිිිටින සේපාල් අමරසිංහ තවදුරටත් මේ මස 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළා. ඒ, මෙම පැමිණිල්ල කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් ඉදිරියේ ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි.
එහිදී ඇප නියෝගය ප‍්‍රකාශයට පත් කළ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා සඳහන් කළේ සැකකරු විසින් සිදු කළ බව කියැවෙන ප‍්‍රකාශයේ අන්තර්ගත කරුණු එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය පනතේ තුන් වන වගන්තිය යටතට ගැනෙන බවයි.
ඒ අනුව සැකකරුට ඇප ලබාදීමට තම අධිකරණයට බලයක් නොමැති බවත් මහේස්ත‍්‍රාත්වරයා කියා සිටියා.