/
/
title icon පුංචි ඡන්දයට නාමයෝජනා කැඳවීම අද සිට.
පුංචි ඡන්දයට නාමයෝජනා කැඳවීම අද සිට.
Editor
1 year ago
Share:
පුංචි ඡන්දයට නාමයෝජනා කැඳවීම අද සිට.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීම අද පෙරවරුවේ ආරම්භ වීමට නියමිතයි.

එය 21 වනදා දහවල් 12 දක්වා ක‍්‍රියාත්මක වනවා.

නාම යෝජනා කැඳවීම අද පෙරවරුවේ ආරම්භ කළද ඇප මුදල් තැන්පත් කිරීම සඳහා එළඹෙන 20 වනදා මධ්‍යහ්න 12 තෙක් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට කාලය පවතිනවා. ඡන්ද විමසීම පැවැත්වෙන දිනය නාමයෝජනා කැඳවීමේ අවසන් දිනයේදී ප‍්‍රකාශයට පත් කෙරන බවයි මැතිවරණ කොමිසම මීට පෙර සඳහන් කළේ.

මේ අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාව, විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක ප‍්‍රධානීන් අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා. ඡන්ද විමසීම් කටයුතු පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට මෙම ආයතන මෙසේ කැඳවා ඇති බවයි මැතිවරණ කොමිසමේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.

මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා ඇති අනෙකුත් ආයතන වන්නේ ජල සම්පාදන මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ද කොමිසම හමුවට අද කැඳවා ඇති අතර ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට පෙරවරුවේ පැවැත්වීමට ද නියමිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required