පිරිමි සම්භාහනය කාන්තාවන්ට තහනම් බවට තමන් උපුටා දක්වමින් පැතිර යන පුවත අසත්‍යයක් බව ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන පවසනවා. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ සම්භාහනය සම්බන්ධයෙන් තමන් කිසිදු ප‍්‍රකාශයක් සිදුකර නොමැති අවස්ථාවක තම නම සහ තනතුර භාවිත කරමින් පැතිර යන ප‍්‍රචාර නිසා තමන් දැඩි අපහසුතාවට සහ කණස්සල්ලට පත්වන බවයි.
බටහිර ක‍්‍රමය යටතේ ස්පා නමින් හඳුන්වන මෙම සම්භාහන මධ්‍යස්ථාන, ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතට අයත් නොවන බවත්, ඒ අනුව ඊට අදාළව තමන්ට ප‍්‍රකාශ කිරීමට නොහැකි බවත් ආයුර්වේද කොමසාරිස්වරයා ප‍්‍රකාශ කළා.