/
/
title icon කොටහේනේ වෙඩි තැබීම පිටුපස පාතාල ගැටුමක්ද ?
කොටහේනේ වෙඩි තැබීම පිටුපස පාතාල ගැටුමක්ද ?
Editor
1 year ago
Share:
කොටහේනේ වෙඩි තැබීම පිටුපස පාතාල ගැටුමක්ද ?

කොටහේන – 6 වන පටුමග ප‍්‍රදේශයේදී වෙඩි වැදීමකින් රෝහල් ගතකළ පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන පූකුඩුකන්නාගේ ගෝලයෙකු බවත්, ඔහු කංජිපානි ඉම්රාන්ගේ පියාට පහරදීමේ සිද්ධියේද සැකකරුවෙකු බවත් අනාවරණ වී තිබෙනවා. ඒ හේතුවෙන් මෙම වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අතර පවතින ගැටුම්වල ප‍්‍රතිඵලයක් බවට සැක කරන බවයි පොලිසිය පවසන්නේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කොටහේන ප‍්‍රදේශයේ පදිංචි රවින්ද්‍රන් තීබන් නමැති 30 හැවිරිදි පුද්ගලයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබනවා. වෙඩි වැදීමෙන් ඔහුගේ මුඛ ප‍්‍රදේශයට සහ උදරයට බරපතල තුවාල සිදුවී ඇති බව සඳහන්.

ඔහු මෝටර් රථයක් තුළ සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required