/
/
title icon මැතිවරණ වියදම් නියාමන කෙටුම්පත අද පාර්ලිමේන්තුවට.
මැතිවරණ වියදම් නියාමන කෙටුම්පත අද පාර්ලිමේන්තුවට.
Editor
1 year ago
Share:
මැතිවරණ වියදම් නියාමන කෙටුම්පත අද පාර්ලිමේන්තුවට.

විපක්ෂයේ විරෝධය නොතකා මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී විවාද කර සම්මත කර ගැනීමට නියමිතයි. ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇති අතර ඒ අනුව මෙම පනත් කෙටුම්පත විවාද කර පස්වරු 5 ඊට අදාල ජන්ද විමසීම පැවැත්වීමටයි තීරණය කරනු ලැබුවේ.

මෙම කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය මාසයකින් කල් දැමීමට අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍යාංශිය උපදේශක කාරක සභාවේදී පෙරේදා තීරණය වූ අතර එම තීරණය ඊයේ මෙලෙස වෙනස් කරනු ලැබුවා. මෙම තීන්දුව ගැනීමට ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී සාකච්ජා කළ අතර මැතිවරණ වියදම් නියාමන කෙටුම්පත අද විවාද කර සම්මත කර ගත යුතු බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊට සිය විරෝධය පළ කර තිබෙනවා.

මෙම සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන අනුර කුමාර දිසානායක, ඩලස් අලහප්පෙරුම, දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයෙකු එක්ව සිටියේ නැහැ.

මේ අතර, පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත දෙවන වර කියවීම ඊයේ වැඩි ඡුන්ද 17 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඊට පක්ෂව ඡුන්ද 23 ක් සහ විපක්ෂව ඡුන්ද 6 ක් හිමිවූ අතර, එයට කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කෙරුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required