/
/
title icon ඉන්දීය විදේශ ඇමති ජයිශංකර් අද දිවයිනට.
ඉන්දීය විදේශ ඇමති ජයිශංකර් අද දිවයිනට.
Editor
1 year ago
Share:
ඉන්දීය විදේශ ඇමති ජයිශංකර් අද දිවයිනට.

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් ඇතුළු දූත පිරිස අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි. එම සංචාරයේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ, අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු රජයේ නියෝජිතයන් හමුවී සාකච්ඡුා කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ.

වත්මන් ආර්ථික අර්බුදය තුළ ශ‍්‍රී ලංකාවට සහාය දැක්වීම සම්බන්ධයෙන් ධනාත්මක ප‍්‍රතිචාරයක් ලබාදීමට ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මෙම සංචාරයේදී අපේක්ෂාවෙන් පසුවන බව ඉන්දීය මාධ්‍ය පසුගියදා වාර්තා කළා.

එහිදී බලශක්ති, ආහාර සුරක්ෂිතතා සහ විනිමය හුවමාරු සම්බන්ධයෙන් මෙන්ම ණය ප‍්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. පසුගිය වසරේදී මෙන්ම ශ‍්‍රී ලංකාවේ අවශ්‍යතා සදහා ධනාත්මක ප‍්‍රතිචාරයක් ලබාදීමට ඉන්දියාව අපේක්ෂා පසුවනවා.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ණය සහ ණය ආධාර පහසුකම් ඇතුළු ඩොලර් බිලියන 04 ක පමණ ඒකාබද්ධ පැකේජයක් ආසියානු නිෂ්කාෂණ සංගමය හරහා ලබාදීම සම්බන්ධයෙන්ද ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ සංචාරයේදී බලාපොරොත්තු තබාගත හැකි බවයි ඉන්දීය වාර්තාවල දැක්වුණේ.

මේ අතර, ශ‍්‍රී ලංකාවේ ණය ප‍්‍රතිව්‍යුහගතකරණයට සහන දීමේ අපේක්ෂාවන් පැහැදිලි කරමින් ඉන්දීය මුදල් අමාත්‍යංශයේ අතිරේක ලේකම් රාජත් කුමාර් මිශ‍්‍රා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක‍්‍රිස්ටලීනා ජෝජියේවා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ඉන්දීය රජය ශ‍්‍රී ලංකා රජය සමඟ මෙන්ම පැරිස් සමාජය හා එක්ව ණය කල්පිරීමේ කාල සීමාව දීර්ඝ කරමින්, පොලී අනුපාත පහත දමමින් මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන සහන වැඩසටහනකට එකඟත්වය පළකරන බවයි.

එමෙන්ම, සමාන ආකාරයේ සහන වැඩසටහනක් සඳහා එකඟත්වය පළ කිරීම ශ‍්‍රී ලංකාවේ සෙසු ද්වීපාර්ශවික ණය හිමියන්ගේ වගකීමක් ලෙස සලකන බවද එම ලිපියේ දැක්වෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required