නවසිලන්ත අග‍්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් ලබන මාසයේදී සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
42 හැවිරිදි ඇය කියා සිටියේ තවදුරටත් අග‍්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කරගෙන යාමට අපහසු තත්ත්වයක් මතුවී ඇති බැවින් තමන් සිය ඉල්ලා අස්වීම ප‍්‍රකාශයට පත් කරන බවයි. තමන් තවදුරටත් මෙම තනතුරේ සිටියහොත් නවසිලන්ත ජනතාව වෙනුවෙන් නිසි සේවයක් ඉටු කිරීමට නොමැකි වනු ඇති බවද ඇය ප‍්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව ඇයගේ ඉල්ලා අස්වීමෙන් හිස්වන අග‍්‍රාමාත්‍ය ධූරය සඳහා තාවකාලිකව නව සාමාජිකයෙකු පත්කර ගැනීම ඇය නියෝජනය කරන ලේබර් පක්ෂය විසින් සිදුකරනු ඇති. එය පෙබරවාරි මස 7 වනදා සිදු කිරීමට නියමිතයි. ඉන් අනතුරුව ඔක්තොම්බර් මස 14 පවත්වන මහමැතිවරණයෙන් පසු නවසින්තයට නව අගමැතිවරයෙකු පත් කර ගන්නා බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
2017 වසරේ දී නවසීලන්තයේ අගමැතිනිය ලෙස තේරී පත්වූ ජසින්ඩා ආර්ඩන් ලොව ලාබාලතම කාන්තා අගමැතිණිය ලෙසයි සැලකෙන්නේ.