/
/
title icon කොළඹ සරසවි සිසුවිය ඝාතනය කළ සිසුවා රිමාන්ඩ් – මානසික සෞඛ්‍ය වාර්තාවකුත් කැඳවයි.
කොළඹ සරසවි සිසුවිය ඝාතනය කළ සිසුවා රිමාන්ඩ් – මානසික සෞඛ්‍ය වාර්තාවකුත් කැඳවයි.
Editor
1 year ago
Share:
කොළඹ සරසවි සිසුවිය ඝාතනය කළ සිසුවා රිමාන්ඩ් – මානසික සෞඛ්‍ය වාර්තාවකුත් කැඳවයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ 03 වන වසරේ සිසුවියක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සරසවි සිසුවා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා. එහිදී සැකකාර සිසුවා මානසික ආබාධයකින් පෙලෙන බවයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම්දී ඇත්තේ.

සිය පෙම්වතියව කෲර ලෙස ඝාතනය කර පළාගොස් සිටි කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ 03 වන වසරේ ඉගෙනුම ලබන පසිඳු චතුරංග ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීයි. කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු කැලණි ගඟට පැනීමටද උත්සාහ කර තිබූ බවයි වාර්තා වුණේ. එසේම, සැකකාර තරුණයාගේ බෑගයේ තිබී ඝාතනයට යොදාගත් බවට සැක කෙරෙන පිහියද පොලීසිය සොයාගනු ලැබුවා.

කුරුඳුවත්ත පොලිසිය වෙත රැගෙන ආ සැකකරුගෙන්, සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ තම පෙම්වතිය වෙනත් අයෙකුට හිමිවීම වැළැක්වීමට මෙම ඝාතනය සිදුකළ බවයි.

මේ අතර, ඝාතනයට ලක්වූ 24 හැවිරිදි චතුරි හංසිකාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය බොරැල්ල පොලිස් මෘත ශරීරාගාරයේදී සිදුකෙරුණු අතර, එහිදී අනාවරණ වී ඇත්තේ ඇයගේ ගෙළ ප‍්‍රදේශයේ ස්ථාන 03 ක තියුණු ආයුධවලින් සිදුකළ කැපුම් තුවාල පැවති බවයි.

ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ රඳවාගෙන ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස්ගේ නිල මැදිරිය වෙත ඉදිරිපත් කෙරුණා. එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල ප‍්‍රගතිය කුරුඳුවත්ත පොලීසිය වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දුන්නා.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ සැකකරු මානසික ආබාධ තත්ත්වයකින් පෙලෙන බැවින් ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳ ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙසයි.

එම ඉල්ලීම පිළිගනිමින් මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ සැකකාර තරුණයා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

චතුරි හංසිකාගේ දේහය පෙරේදා දහවල් 12.30 ට පමණ කොළඹ තුරඟ තරග පිටියේ ලකුණු පුවරුව දෙස ඇති පඩි පෙළක් මත තිබියදී හමු වූ අතර, ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව සැකකාර තරුණයා ක්‍රීඩා අමාත්‍යංශය දෙසින් රීඩ් මාවත ඔස්සේ කොළඹ සරසවිය දෙසට දිවගොස් තිබුණා.

තරුණියගේ ඝාතනය සැලවීමත් සමඟ එම ස්ථානයට පැමිණි ඇයගේ ආචාර්යවරුන් සහ මිතුරන්ද පත්වුණේ දැඩි කම්පනයකටයි.

ඝාතනයට ලක්වූ චතුරි හංසිකා මෙන්ම ඇයගේ පෙම්වතා වූ පසිඳු චතුරංගද යූ-ටියුබ් නාලිකා පවත්වාගෙන යමින් අධ්‍යාපන වැඩසටහන් මෙහෙයවා තිබුණා.

චතුරිගේ දේහය ඊයේ පස්වරුවේ ඇය ජීවත් වූ හෝමාගම – කිරිවන්තුඩුව – පුබුදු උයන ප‍්‍රදේශයේ පිහිටි නිවසට රැගෙන එනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required