පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධාන කළ විරෝධතා පාගමනක් විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කළා. ඒ, පේරාදෙණිය – කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගලහ මංසන්ධිය ආසන්නයේදීයි.
ශිෂ්‍ය මර්දනයට එරෙහිව පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විරෝධතා පාගමනක් ආරම්භ කළේ විශ්වවිද්‍යාලය ඉදිරිපිටින්. එහිදී ඔවුන් මහනුවර නගරය දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබුණද, ගලහ මංසන්ධියෙන් පොලීසිය ඊට බාධා එල්ල කළා.
එම අවස්ථාවේදී විරෝධතාකරුවන් ඉදිරියට යෑමට උත්සාහ කිරීමත් සමඟ පොලීසිය ජල හා කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පසුව සිසුන් පැය දෙකකට ආසන්න කාලයක් එම ස්ථානයේ රැඳී සිටි අතර ඒ හේතුවෙන් කොළඹ – මහනුවර ප‍්‍රධාන මාර්ගය ගලහ ප‍්‍රදේශයෙන් අවහිර වී තිබුණා.