/
/
title icon 13 පූර්ණ වශයෙන් බලාත්මක කළ යුතුයි – ජනපති හමුවූ ඉන්දීය විදේශ ඇමති කියයි.
13 පූර්ණ වශයෙන් බලාත්මක කළ යුතුයි – ජනපති හමුවූ ඉන්දීය විදේශ ඇමති කියයි.
Editor
1 year ago
Share:
13 පූර්ණ වශයෙන් බලාත්මක කළ යුතුයි – ජනපති හමුවූ ඉන්දීය විදේශ ඇමති කියයි.

13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බළාත්මක කිරීමත් කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමත් අවශ්‍ය බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් පවසනවා. බලය බෙදීම සහ දේශපාලන ස්ථාවරත්වය වෙනුවෙන් එය තීරණාත්මක බවයි ඔහු පෙන්වා දෙන්නේ.

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ හමුවීමෙන් අනතුරුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදියි.

ඇමරිකානු ඩොලර් බිලියන 4 ක් වටිනා ණය ආධාර ලබාදීමට ඉන්දියාව කටයුතු කළ අතර, එලෙසින්ම ඉදිරියේදී ශ‍්‍රී ලංකාවට සහය වීමට ඉන්දීය රජය අපේක්ෂා කරන බවයි ඔහු එහිදී පෙන්වා දුන්නේ.

පවතින ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ශ‍්‍රී ලංකාවේ සියලූ ණය හිමියන් අවශ්‍ය සහතික ලබාදිය යුතු බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා එහිදී අවධාරණය කළා.

ඉන්දීය රජය අන් අය මත නොරැඳී නිවැරදි යැයි සිතන දේ ක‍්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ඔහු එහිදී පෙන්වා දුන්නා. ඒ අනුව ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන සමඟ ඉදිරියට යාමට ශ‍්‍රී ලංකාවට අවශ්‍ය සහතිකය ලබාදුන් බවයි ආචාර්ය එස්. ජයිශංකර් එම මාධ්‍ය හමුවේදී සඳහන් කළේ.

එමෙන්ම ජනාධිපති රනිල් වික‍්‍රමසිංහට ඉන්දියාවේ සංචාරයකට එක්වන ලෙස ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ආරාධනා කළ බවයි එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා කියා සිටියේ.

මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි කියා සිටියේ ඉන්දීය රජය පසුගිය වසරේදී ලබාදුන් ඩොලර් බිලියන 4 ක ණය සහනය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයට සහ අනෙකුත් මානුෂිය ආධාර සඳහා සහය වූ බවයි. එතුළින් යම් මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කරගැනීමට හැකියාව ලැබුණු බවද ඔහු එහිදී පෙන්වා දුන්නා.

මෙම දරුණු ආර්ථික අර්බුදය අවස්ථාවේ දැක්වූ සහයෝගයට ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රමුඛ ඉන්දීය රජයට ඔහු ස්තූතියද පළ කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required