
බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් යළි ගැසට් නිවේදනයක් නිකුත් කරන බව පාරිභෝගික අධිකාරිය ප‍්‍රකාශ කරනවා.
ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 44 ක උපරිම සිල්ලර මිලකටත්, රතු බිත්තරයක් රුපියල් 46 ක උපරිම සිල්ලර මිලකටත් අලෙවි කළ යුතු බව සඳහන්.
ඊට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත ලැබී ඇති අතර එය අද රාත‍්‍රියේ නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.