/
/
title icon මාස තුනකදී ලක්ෂ 20 ක විදුලිය විසන්ධි කෙරේ.
මාස තුනකදී ලක්ෂ 20 ක විදුලිය විසන්ධි කෙරේ.
Editor
1 year ago
Share:
මාස තුනකදී ලක්ෂ 20 ක විදුලිය විසන්ධි කෙරේ.

අමාත්‍ය මණ්ඩලය මගින් යෝජනා කළ පරිදි විදුලි ගාස්තු සංශෝධනය කඩිනමින් සිදුකිරීමට තමන් විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක පවසනවා. කෙසේ වෙතත්, එහි අනෙකුත් සාමාජිකයන් ප‍්‍රකාශ කර ඇත්තේ විදුලි ගාස්තු සංශෝධනය කැබිනට් තීරණයට අනුව කඩිනමින් සිදුකර පසුව කොමිසම විසින් එය ගණනය කර ගාස්තුවට ගැලපීමට කටයුතු කළ යුතු බවයි.

මෙවන් පසුබිමක් තුළ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් කොමිසමේ සභාපතිවරයා හැර අනෙකුත් සාමාජිකයන් ඊයේ කැඳවා සාකච්ඡාවක්ද සිදුකර තිබුණා. පසුව එදිනම කොමිසමේ සාමාජිකයන් පාර්ලිමේන්තුවේ පැවති මහජන සභාව හමුවට කැඳවා තිබුණේද අමාත්‍ය මණ්ඩලය යෝජනා කළ පරිදි විදුලි ගාස්තු සංශෝධනය සිදුනොකරන්නේ ඇයිද යන්න සම්බන්ධයෙන් විමසීම සඳහායී.

කෙසේ වෙතත්, පසුගිය 12 වනදා කොමිසම රැස්වී තීරණය කර තිබුණේ අදාළ යෝජනාව නීතියට පටහැනි බැවින් ඊට අනුමැතියක් ලබා නොදීමටයි. එවන් පසුබිමක ඊයේ පාර්ලිමේන්තුවේ පැවති මහජන සභාවේදී මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා හැර අනෙකුත් සාමාජිකයන් තුන් දෙනා ප‍්‍රකාශ කර තිබුණේ අදාළ තීරණය ගෙන තිබුණේ නිසි දැනුවත්වීමකින් තොරව බවයි. ඒ අනුව කොමිසමේ සාමාජිකයන් සහ සභාපතිවරයාගේ මතය අතර බෙදීමක් හටගෙන තිබුණා.

ඒ අනුව අද දිනයේදී මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක කොමිසමේ සාමාජිකයන් විශේෂ සාකච්ඡාවක් සඳහා කැඳවීමට පියවර ගනු ලැබුවා.

එම සාකච්ඡාවට එක්වීමෙන් අනතුරුව එහි උප සභාපති උදේනි වික‍්‍රමසිංහ, කොමසාරිස්වරුන් වන මොහාන් සමරනායක සහ චතුරිකා විජේසිංහ පිටත්ව යන අවස්ථාවේදී විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයේ සාමාජිකයන් අතර උණුසුම් සංවාදයක් ඇතිවුණා.

සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුව විදුලි ගාස්තු සංශෝධනය සිදුකිරීමට යෑමේ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තමන් නීතියේ පිහිට පතන බවයි.

එසේම, සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ විදුලි ගාස්තු පසුගිය අගෝස්තු මාසයේදී ඉහළ දැමීමෙන් පසුව ගතවූ මාස දෙක, තුන ඇතුළත කාලයේදී මිලියන දෙකක පමණ පාරිභෝගිකයන්ගේ විදුලි සම්බන්ධතා විසන්ධි කිරීමට කටයුතු කර ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required