රජය මගින් යෝජිත නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළකරමින් අද වෘත්තීවේදීන් ඇතුළු පාර්ශව කිහිපයක් කොළඹ ස්ථාන දෙකකදී විරෝධතා දියත් කරනු ලැබුවා. එක් විරෝධතාවක් කොළඹ නෙළුම් පොකුණ අසලින් පැවැත්වුණු අතර එය සංවිධාන කර තිබුණේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තීයවේදින් පිරිසක්.
ඔවුන් පාගමනින් මුදල් අමාත්‍යංශය වෙත පැමිණීමට සැළසුම්කර තිබූ නමුත් පොලිසිය නෙළුම් පොකුණ රඟහල අසළින් ඔවුන්ට විරෝධතාව ආරම්භ කිරීමට ඉඩ ලබාදුන්නේ නැහැ. පසුව ඔවුන් එම ස්ථානයෙන් විසිර ගියා.
මේ අතර වෛද්‍යවරුන් , බැංකු සේවකයින්, සහ විදුළිබල මණ්ඩල සේවකයින් ඇතුළු වෘත්තීයවේදින් පිරිසක් තවත් විරෝධතාවක් අද මුදල් අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වුවා. මේ හේතුවෙන් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දැමීමටයි පොලිසිය පියවර ගෙන තිබුණේ.