
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා.
ඒ අනුව ගෝවා, කැකිරි, පිපිඤ්ඤා, මෑකරල් සහ තක්කාලි කිලෝග‍්‍රෑමයක තොග මිල 60% කින් පමණ පහත වැටී ඇති බව සඳහන්. තක්කාලි කිලෝග‍්‍රෑමයක් රුපියල් 100 ත්, 110 ත් අතර මිලකටත්, ගෝවා කිලෝග‍්‍රෑමයක් රුපියල් 40 ක වැනි මිලකටත් අලෙවි වන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, පාරිභෝගිකයන් චෝදනා කරන්නේ සිල්ලර මිල ගණන්වල අඩුවීමක් දක්නට නොලැබෙන බවයි.