/
/
title icon
රටින් පළාගිය හරක් කටාගේ අනියම් බිරිඳ “ටීනා” හෙර‌ොයින් සමඟ අල්ලයි.
රටින් පළාගිය හරක් කටාගේ අනියම් බිරිඳ “ටීනා” හෙර‌ොයින් සමඟ අල්ලයි.
Editor
2 years ago
Share:
රටින් පළාගිය හරක් කටාගේ අනියම් බිරිඳ “ටීනා” හෙර‌ොයින් සමඟ අල්ලයි.

විදේශ රටකට පලාගොස් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා නැමැත්තාගේ අනියම් බිරිඳ වන තිළිණි නිෂාදි හෙවත් ටීනා පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මහරගම – උඩහේන පාර ප‍්‍රදේශයේ ඊයේ සිදුකළ වැටලීමකදියි.

32 හැවිරිදි ඇය, දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දිනේෂ් මධුසංක හෙවත් බූලා නැමැත්තාගේ බිරිඳ වනවා. එමෙන්ම ඝාතනයට ලක්වූ මධුර ලක්ෂිත හෙවත් මිදිගම හිච්චි මල්ලි නැමැත්තා සමඟද අනියම් සබඳතාවක් පවත්වා ඇති ඇය, හරක් කටා සමඟ එක්ව ඔහුව ඝාතනය කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම කාන්තාව සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 12 යි මිලිග‍්‍රෑම් 800 ක්ද සොයා ගෙන තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required