මැතිවරණයක් පැවැත්වීමෙන් රටේ වත්මන් ආර්ථික අර්බුදය තවදුරටත් උග්රවන බව මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. අත්‍යාවශ්‍ය සේවාවන් වෙනුවෙන් පවා මුදල් වෙන්කිරීමට අපහසු තත්ත්වයක් උද්ගතව ඇති අවස්ථාවක” මැතිවරණයක් සඳහා මුදල් සොයාගැනීම” මහා භාණ්ඩාගාරයට දැඩි අභියෝගයක් වනු ඇති බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.
පළාත් පාලන ඡන්දය පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු ගොනු කළ රිට් පෙත්සමට අදාළව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව සඳහන් කර තිබෙනවා.
ඔහු එමඟින් පෙන්වා දී ඇත්තේ කොවිඞ් වසංගතයෙන් පසු 2021 වසරේ මෙරට අපනයන ආදායම සියයට 8 යි දශම 2 කින් පහත වැටී ඇති බවයි. එම වසරේ අයවැය පරතරය සියයට 11 යි දශම 6 කින් ඉහළ ගොස් ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙස බවත් මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන ශේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.
පවතින ආර්ථික අර්බුදය හමුවේ 2022 වසරේ පොලී ගෙවීම සඳහා රුපියල් බිලියන 114කට අධික මුදලක් මෙන්ම ණය ගෙවීම සඳහා රුපියල් බිලියන 169 කට අධික මුදලක්ද වැය කිරීමට සිදුවූ බවයි අදාළ පෙත්සම මඟින් පෙන්වා දී ඇත්තේ.
ජාත්‍යන්තර ණය ශේණිගත කිරීමේ දර්ශකයන්ට අනුව ශ්‍රී ලංකාව පහත හෙළීමක් සිදුකර ඇති නිසා, ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් අරමුදල් සම්පාදනය කර ගැනීම ද අපහසු වී ඇති බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පෙන්වා දී දෙනවා. ඒ හේතුවෙන් අරමුදල් සම්පාදනය කරගැනිමට සිදුව ඇත්තේ බැංකු නොවන මූලාශ්‍රවලින් අධික පොලී අනුපාත යටතේයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට සූදානම් වන මෙම අවස්ථාවේදී රට තුළ දේශපාලන ස්ථාවරභාවය පවත්වා ගැනීම ඉතා වැදගත් බවත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා යොමුකළ දිවුරුම් පෙත්සමේ සඳහන්.
කෙසේ වෙතත්, මෙම පසුබිම හමුවේ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීම භාණ්ඩාගාරයට අභියෝගයක් වනු ඇතැයි ද මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සිය දිවුරුම් ප්‍රකාශයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.