සුදු බිත්තරයක් රුපියල් 44 ක උපරිම සිල්ලර මිලකටත්, රතු බිත්තරයක් රුපියල් 46 ක උපරිම සිල්ලර මිලකටත් අලෙවි කළ යුතු බවට නියම කරමින් පාරිභෝගික අධිකාරිය මේ වනවිට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අද සිට මෙම උපරිම සිල්ලර මිලට යටත්ව බිත්තර අලෙවි කළ යුතු වනවා.
කෙසේ වෙතත්, මෙම මිලට බිත්තර අලෙවි කිරීමට නොහැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක සඳහන් කළා.