
ලංකා විදුලිබල මණ්ඩලය සිදුකරන අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අද පැය 9 ක කාලයක් කොළඹ ප‍්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව පෙරවරු 11 සිට රාත‍්‍රී 8 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ දෙහිවල, ගල්කිස්ස, ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බලප‍්‍රදේශවලට හා මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප‍්‍රදේශවලටයි.
ඊට අමතරව කොටිකාවත්ත – මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයට මෙන්ම රත්මලාන හා කටුබැද්ද යන ප‍්‍රදේශවලටද මෙම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළේ.