අභාවප්‍රාප්ත සිනමාවේදිනී ආචාර්ය සුමිත්‍රා පීරිස්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී අද සිදුකිරීමට නියමිතව තිබෙනවා. පස්වරු 4ට අවමංගල්‍ය උත්සවය සිදුකිරීමට නියමිත බවයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශය සඳහන් කළේ.
ආචාර්ය සුමිත්‍රා පීරිස් පෙරේ දා පෙරවරුවේ අභාවප්‍රාප්ත වනවිට 87 වන වියේ පසුවුණා.
චිත්‍රපට රැසක් ඇය විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර ගැහැණු ළමයි, ගඟ අද්දර, යහළු යෙහෙලි, මායා, සාගර ජලය මදි හැඩුවා ඔබ සන්දා, ලොකුදුව, දුවට මවක මිස, වෛයිෂ්නාවි සහ සක්මන් මළුව ඒ අතරින් ප්‍රධානයි.