
යළිත් වරක් මෙරට වායු දූෂණ මට්ටම සාමාන්‍ය අගයට වඩා ඉහළ මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළා. එහි පාරිසරික අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි කියා සිටියේ එම තත්ත්වය අද දිනයේදීද පවතිනු ඇති බවයි.
මේ හේතුවෙන් යළිත් වරක් පසුගිය දෙසැම්බරයේදී මෙන් ඇතැම් ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින ආකාරයක් දැකගත හැකියි. කෙසේ වෙතත්, හෙට දිනයේදී යළිත් වායු මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවටයි ඔහු විශ්වාසය පළ කළේ.