
සුළු නඩත්තුවක් සඳහා අක්‍රීය කර තිබූ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු ජනන යන්ත‍්‍රය මේ වනවිට යළිත් පූර්ණ ධාරිතාවයෙන් යළිත් ජාතික පද්ධතියට එක් කර තිබෙනවා.
කෙසේ වෙතත්, කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය ඊයේ රාත්‍රියේ සිට අක්‍රීය කර තිබෙනවා.
ඒ, විදුලිබල මණ්ඩලය සතුව ප‍්‍රමාණවත් තරම් නැෆ්තා සංචිත නොමැතිවීම හේතුවෙන්. ඒ සමඟ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 165 ක ධාරිතාවක් අහිමිව ගොස් තිබෙනවා.